මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරණ ආදායම් සහ වියදම් වාර්තා මෙම මස 27 වනදාට පෙර ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරග කළ සියලුම අපේක්ෂකයින්, දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම්වල නායකයින් විසින් මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා වෙන වෙනම සකස් කර මැයි මස 24 වනදා මධ්‍යම රාත්‍රී 12.00ට හෝ ඊට ප්‍රථම අදාළ තේරීම් භාර නිලධාරින් වෙත භාරදිය යුතු බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ.
එම ආදායම් වියදම් වාර්තා මැතිවරණ කොමිසමේ වෙබ් අඩවිය හරහා උඩුගත කිරීමට හැකිවන පරිදි පහසුකම් සලසා දී තිබෙනවා.
නියමිත දිනට ප්‍රථම මැතිවරණ වියදම් වාර්තා භාර නොදීම තුළින් නීති විරෝධී ක්‍රියාවක් වන වරදක් සිදු කරන අතර ඒ පිළිබඳව මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුකූලව නීත්‍යානුකූලව කටයුතු කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ.