රාජ්‍ය වෙසක් උත්සවය සහ දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ, මැයි මස 09 වනදා සිට 13 වනදා දක්වායි.
මැයි මස 12 සහ 13 යන දිනයන්හි නුවරඑළියේදී පවත්වනු ලබන රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව කොළඹ කොටුව සහ බදුල්ල අතර අමතර විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කෙරෙනවා.
කොළඹ කොටුව සහ අනුරාධපුරය දක්වා ගමන් කරන මගීන් සඳහා ද අමතර විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා.