වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අප්‍රේල් මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදියි.
ඒ අනුව ආනයනය කර නිෂ්කාශනය කිරීමට නොහැකි වී වරායේ තිබූ මෝටර් රථ වර්ග කිහිපයක් නිදහස් කර ගැනීමට හැකිවනු ඇති.
නව ගැසට් පත්‍රයට අනුව ලියාපදිංචි නොකළ නව යතුරුපැදි ආනයනය සඳහා පනවා තිබූ තහනමද ඉවත්කර තිබෙනවා.