බ්‍රිතාන්‍ය කාන්තාවක් වන එතෙල් කැටර්හැම් ලොව වයස්ගතම පුද්ගලයා බවට අද නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
1909 වර්ෂයේදී උපත ලැබූ ඇය මේ වන විට 115 හැවිරිදි වියේ පසු වන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඇය ඇය 1909 වසරේදී උපත ලබා මෙලොව ජීවත්වන අවසන් පුද්ගලයාද වනවා.
ගිනස් ලෝක වාර්තාවලට අනුව, 2020 දී වයස අවුරුදු 110 දී කොවිඩ්-19 ආසාදනය වීමෙන් පසු දිවි ගලවා ගත් වයස්ගතම පුද්ගලයින්ගෙන් කෙනෙක් ලෙස එතෙල් කැටර්හැම් හඳුන්වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
කෙසේවෙතත් මේ වනවිටත් ඇගේ සැමියා සහ දරුවන් දෙදෙනාද මියගොස් සිටින බවද සඳහන්.
මීට පෙර ලොව වයස්ගතම පුද්ගලයා බවට පත්ව සිටි බ්‍රසීලයේ කන්‍යා සොහොයුරියක් වූ ඉනා කැනබාරෝ ලූකස් මියයෑම හේතුවෙන් කැටර්හැම් මෙලෙස නම් කර තිබෙනවා.
ඇය මියයන විට ඇගේ වයස අවුරුදු 116ක්.