Sunday, May 4, 2025

General line - 0115112241

නිහඬ කාලය තුළ නිතිය තදින් ක්‍රියාත්මක කරන බව පොලීසිය කියයි



2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ මැතිවරණයේ නිහඬ කාල සීමාව මේ වන විට ආරම්භ වී තිබෙනවා. 

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට මැතිවරණය පැවැත්වෙන තෙක්, කාල සීමාව තුළ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීමට නීතියෙන් ඉඩක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ.


මේ වන විට පොලිස් ස්ථාන මට්ටමින් ජංගම සංචාර ද ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ මැතිවරණයේ නිහඬ කාල සීමාව තුළ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ද අදහස් පළ කළා.