නව පාප් වහන්සේ තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීමේ පළමු දිනය අවසන් වී තිබෙනවා.
එම ඡන්ද විමසීම ආරම්භ වූයේ මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 10.30ට පමණයි.
කෙසේවෙතත් ඡන්ද විමසීමේ පළමු දිනයේ සිස්ටයින් දේවස්ථානයේ චිමිනියෙන් කළු දුමාරයක් නැගෙමින් පවතින අකාරයක් දැකගත හැකි වූ බවයි රෝමයේ සිටින සංක්‍රමණිකයින් භාර උපාධ්‍ය පියතුමා වන නෙවිල් ජෝ පෙරේරා පියතුමන් පැවසුවේ.
එයින් අදහස් වන්නේ පළමු දිනය තුළ නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට නොහැකි වී ඇති බවයි.
කෙසේවෙතත් එම අවස්ථාව නැරඹීම සඳහා විශාල ජනතාවක් දේවස්ථානය ඉදිරිපසට රැස්වී තිබෙනවා.
ඒ අනුව අද දිනයේදී ද ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
නව පාප් වහන්සේවරයෙකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා කාදිනල්වරුන් 133 දෙනෙකු සහභාගී වන බවද වාර්තා වනවා.