සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙනවා.
එය ලබන 16වනදා දක්වා පැවැත් වෙනවා.
ඊට සමගාමීව රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද සිට ආරම්භ වන බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසුවේ.
සතිය පුරා තවත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.
ඒ අනුව සතියක් පුරා පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවය සමග එක්වන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වැඩිදුරටත් පැවසුවා.