රාජ්‍ය සේවකයන් සදහා ලබාදෙන ආපදා ණය මුදලෙහි උපරිම සීමාව ඉහළ නංවා තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් සදහන් කළේ ආපදා ණය උපරිම සීමාව රුපියල් දෙලක්‍ෂ පනස් දහසේ සිට ලක්‍ෂ හතර දක්වා ඉහළ නංවා ඇති බවයි.
2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප වැඩි කිරීම සැලකිල්ලට ගෙන එම ණය සීමාව එලෙස ඉහළ නංවා තිබෙනවා.
ඉහළ දැමූ ආපදා ණය උපරිම සීමාව පසුගිය මැයි පළමු වනදා සිට ක්‍රියාත්මක බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ එම චක්‍රලේඛයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.