කොළඹ- ආමර් විදියේ සහ වොක්ෂෝල් විදියේ පිහිටි ගොඩනැගිලි දෙකක ගින්නක් හටගෙන තිබෙනවා.
ආමර් විදියේ බි සි සි පාලම අසල ඇති ගොඩනැගිල්ලක් සහ වොක්ෂෝල් වීථියේ පිහිටි අවන්හලක මෙම ගිනිගැනීම් හටගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
වොක්ෂෝල් වීථියේ අවන්හලක ඇතිවූ ගින්න පාලනය කිරීම සඳහා මේ මේ වන විට ගිනි නිවන රථ 08 ක් යොදවා ඇති අතර ආමර් වීථියේ බි සි සි පලම අසල ඇති ගොඩනැගිල්ලේ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 02 ක් යොදවා ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.