Monday, May 12, 2025

General line - 0115112241

ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් රථ අනතුරින් මිය ගිය පිරිස13 දක්වා ඉහළට



Update 

නුවරඑළිය - කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද උදැසන බස් රථයක් පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට එම අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි 

අනතුරෙන් මියගිය සංඛ්‍යාව13 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු සහ කාන්තාවන් 05ක්  ඒ අතර වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

නුවරඑළිය - කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද උදැසන බස් රථයක් පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ දක්වා එම අනතුරින් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇති බවයි කොත්මලේ පොලීසිය පැවසුවේ.

අනතුරින් පිරිමි පුද්ගලයින් 05 දෙනෙක් සහ කාන්තාවන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කොත්මලේ පොලීසියවැඩි දුරටත් සඳහන් කර සිටියේ.

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ  කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක්.

අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළු මගීන් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් කොත්මලේ සහ නුවරඑළිය රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.