Monday, May 12, 2025

General line - 0115112241

දෙරට අතර නැවත යුද්ධයක් එපා ලියෝ පාප් වහන්සේ ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලයි



නව ශුද්ධෝත්තම පාප් වහන්සේ ලෙස තේරී පත්වූ 14 වන ලියෝ පාප් වහන්සේ ඉන්දු පකිස්ථාන සටන් විරාමය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා. 

නව පාප් වහන්සේ එමගින් දන්වා ඇත්තේ ඉන්දියාව සහ පකිස්ථානය අතර සටන් විරාමය පිළිගන්නා බවත් නැවත යුද්ධයක් සිදු නොකරන ලෙසයි. 

ලෝකයට සාමයේ ආශ්චර්යය ලබා දෙන ලෙස දෙවියන් වහන්සේට යාච්ඤා කරන බවද පාප් වහන්සේ පවසා තිබෙනවා.
 

හමාස් විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නැවත නිදහස් කරන ලෙසද ඔහු ඉල්ලීමක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 
 

මේ අතර  කාශ්මීර ගැටලුව සම්බන්ධයෙන් ඉන්දියාව සහ පාකිස්ථානය සමඟ කටයුතු කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැමැත්ත පළකර තිබෙනවා. 

ඉන්දියාව සහ පාකිස්ථානය සටන් විරාම ගිවිසුමට අත්සන් කිරීමෙන් දිනකට පසු, අමෙරිකානු ජනපති පැවසුවේ “වසර දහසකට” පසු කාශ්මීරය සම්බන්ධයෙන් විසඳුමක් ලබා ගත හැකිදැයි තිරණය කිරීමට දෙරට අතර සාකච්ඡා සිදු කරන බවයි.