Monday, May 12, 2025

General line - 0115112241

ගැරඬිඇල්ල බිහිසුණු බස් රථ අනතුරින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්‍ෂයට



New  Update 

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද පෙරවරුවේ සිදු වූ  අනතුරින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වී තිබෙනවා. 

මේ වන විට අනතුර පිළිබද සොයා  බැලීමට කථානායක ජගත් වික්‍රමරත්න මහතා සහ ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන එම ස්ථානයට පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද පෙරවරුවේ අනතුරක් සිදුවුණා. 

අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වී තිබෙනවා. 

ඒ අතර පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු සහ කාන්තාවන් 05 දෙනෙකු වන බවයි නෙත්  නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ඔවුන්ගේ සිරුරු මේ වන විට කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, මිය ගිය තවත් කිහිප දෙනෙකුගේ සිරුරු බස් රථයට යට වී ඇති බවත්, එම සිරුරු ගොඩ ගැනීමට පොලිසිය සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සහයක නිරත වෙමින් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය කරමින් තිබූ අදාළ ලංගම බස් රථය නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදි එලෙස අඩි 100ක් පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

එම අවස්ථාවේ බස් රථය තුළ මගීන් 75 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා. 

අනතුරින් තුවාල ලැබූවන් කොත්මලේ ප්‍රාදේශීය රෝහල, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය මූලික රෝහල් වෙත මාරු කර යැවීමටයි කටයුතු කර ඇත්තේ. 

තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද පොලිසිය කියා සිටියා. 

බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතුවන්නට ඇති බවයි කොත්මලේ පොලිසිය සැකපළ කරන්නේ.

අනතුරට ලක්වූ බස් රථයේ ගමන්ගත් මගියෙකු සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

අනතුර සම්බන්ධයෙන් ප්‍රදේශවාසියෙකුද නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.

මේ අතර වැලිමඩ, ඩයරබා ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී ඊයේ රාත්‍රියේ අනතුරක් සිදුවුණා. එම අනතුරින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් මගීන් 18කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.