Monday, May 12, 2025

General line - 0115112241

21 දෙනෙකුට දිවි අහිමි වූ බස් අනතුරට හේතුව සොයා පොලිස් පරීක්ෂණ



ගැරඬිඇල්ලේ බස් අනතුරට හේතුව සොයාබැලීමට පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා  පවසනවා.

නිවේදනයක් නිකුත් කරමි ඒ මහතා පැවසුවේ බස් රථ අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිල්ලද නැතිනම් බස් රථයේ තිබු යම් කාර්මික දෝෂයක්ද යන්න පිළිබඳව විමර්ශන කොත්මලේ පොලීසිය විසින් සිදුකර බවයි.

අනතුරින් මේ වන විට පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඒ අතර පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු සහ කාන්තාවන් 05 දෙනෙකු වන බවයි නෙත්  නිවුස් වාර්තාකරු පැවසුවේ. 

එමෙන්ම පුද්ගලයින් 35කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බවයි නෙත්  නිවුස් වාර්තාකරු  වැඩි දුරටත් සඳහන් කර සිටියේ