සම්බුදු තෙමඟුල සමරමින් දිවයින පුරා මේ වන විට විවිධ පිංකම් සංවිධාන කර තිබෙනවා.
ආමිසයට මෙන්ම ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් සංවිධාන කළ පිංකම් රැසක් ඒ අතරට අයත්.
දිවයිනේ සෑම විහාරස්ථානයකම පාහේ අද උදෑසන පෙහෙවස් සමාදන් වීමේ වැඩසටහන් පැවැත්වුණා.
දන්සැල් රැසක්ද සංවිධාන කර ඇති අයුරු දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ වාර්තා වනවා.
වෙසක් මංගල්‍යය නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සිදු කෙරෙන පිංකම් සහ සැමරීම් පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කර ගන්නවා මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.
අනුරාධපුර ප්‍රදේශයේ තොරතුරු ගෙන එන්නේ නෙත් නිවුස් වාර්තාකරු තිසර සමල් සෝමරත්න.
මේ, කතරගම වෙසක් සැමරුම පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු කේ ඩී දේවප්‍රිය.
ගාල්ල දිස්ත්‍රික්කයේ වෙසක් සැමරුම පිළිබඳ තොරතුරු ගෙන එන්නේ නෙත් නිවුස් වාර්තාකරු රවින්ද්‍ර චන්ද්‍රලාල්.