ජන වරමට පිටුපා පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට කිසිවෙකුටත් නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා සඳහන් කළේ එවන් අනීතික තීරණයක් වෙනුවෙන් නීතිමය පියවර ගැනීමට ද සූදානම් බවයි.
බලය ලබා ගැනීම වෙනුවෙන් එකතු වන විපක්ෂයකින් කිසිදු සෙතක් අත්නොවනු ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
පළාත් පාලන ආයතන 265ක් ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගයට හැකි වූ නමුත් ඒ අතරින් ඔවුන්ට බහුතර බලයක් හිමි වූයේ 120කට ආසන්න සංඛ්‍යාවක පමණයි.
සෙසු ආයතනවල ජාතික ජන බලවේගය ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාවට වඩා විපක්ෂයේ සියලු පක්ෂ එක් වූ විට ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව ඉහළ අගයක් ලබාගෙන තිබෙනවා.