පසුගිය 13 වනදා දෙමටගොඩ පොලිස් වසමේදී පුද්ගලයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, දෙමටගොඩ පොලිස් ස්ථානයේ විමර්ශන නිලධාරින් විසින්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 17ත් 21ත් අතර වයස්වල පසුවන බොරැල්ල හා දෙමටගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.