සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගිය 03 වනදා ගිනි අවි පෙන්වා රුපියල් දෙකෝටි දහඅට ලක්ෂයකට අධික රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත - උතුර අපරාධ කොට්ඨාසය මඟින් ආරම්භ කර තිබූ විමර්ශනයකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44ක් වන කහතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී කොල්ලකන ලද රන් භාණ්ඩ විකුණා ලබාගත් රුපියල් දහතුන් ලක්ෂ හතලිස් පන්දහසක මුදලක්, අත් ඔරලෝසුවක් හා ජංගම දුරකථන 02ක් ඔහු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත - උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.