Sunday, May 18, 2025

General line - 0115112241

වර්ජනය අවසන් කළ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් ආණ්ඩුවට රතු එළි



දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. 

කෙසේවෙතත් සිය ඉල්ලීම්වලට ඉදිරි පැය 72ක තුළ බලධාරීන්ගෙන් සාධනීය පිළිතුරු නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා නෙත් නිවුස් වෙත කියා සිටියා.   


සිය ගැටලු පිළිබඳ බලධාරීන් කොතෙකුත් දැනුවත් කළ ද ඊට නිසි ප්‍රතිචාර  නොලැබීම හේතුවෙන් ක්ෂණික වැඩ වර්ජනයක නිරත වූ බවයි ඔහු පැවසුවේ. 


මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා. 

මේ අතර ඉරිදා දිනයක ධාවනය වන සියලු දුම්රිය අද දිනයේද  ධාවනයට එක් කිරීමට කටයුතු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.