පාතාල සාමාජිකයන්ගේ වෙඩික්කරුවන් බවට පත්ව සිටින සන්නද්ධ හමුදාවල සාමාජිකයින් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව විද්වතුන් පවසනවා.
ඒ අනුව ඔවුන් නිවාඩු ලබා පැමිණෙන දිනවලදී ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම වැදගත් බවයි
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයන අංශ ප්‍රධාන ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ.
එමෙන්ම නීති්‍යානුකූල නොවන ආකාරයකින් සන්නද්ධ හමුදා හැරගිය සාමාජිකයින් සම්බන්ධයෙන්ද සොයා බැලිය යුතු බව ඔහු කියා සිටියා.
තැන තැන සිදු වන වෙඩිතැබීම් ඉහළ යාමට බලපා ඇති තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා අදහස් පළ කළා.
පසුගිය ජනවාරි පළමු වනදා සිට මැයි 17 වනදා දක්වා වෙඩි තැබීමේ සිද්ධීන් 44 ක් සිදුව තිබෙනවා.
ඉන් පුද්ගලයන් 30 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.