ශ්‍රී ලංකාව මේ වන විට බරපතළ ලුණු හිඟයකට මුහුණ දීම සම්බන්ධයෙන් සදුන් අරෝෂ ප්‍රනාන්දු විසින් පර්යේෂණයක් සිදු කර තිබෙනවා
ඔහු එම පර්යේෂණය මගින් පෙන්වා දී ඇත්තේ අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් සහ ලුණු ආනයනයේ ප්‍රමාදයන් හේතුවෙන් බරපතළ ලුණු හිඟයකට මුහුණ දීමට සිදුවී තිබෙන බවයි.
මෙම අර්බුදය පාරිභෝගිකයන්ට සහ වෙළෙන්දන්ට බලවත් ලෙස බලපා ඇති අතර රජය ආනයනයන් සහ දේශීය නිෂ්පාදනය වැඩි කිරීමේ උත්සාහයන් හරහා මෙම ගැටලුව විසඳීමට පියවර ගනිමින් සිටින බවයි ඔහු සඳහන් කර සිටියේ.
පුත්තලම සහ හම්බන්තොට වැනි ප්‍රධාන නිෂ්පාදන ප්‍රදේශවල අධික වැසි හේතුවෙන් ලුණු නිෂ්පාදනයට අවශ්‍ය සූර්ය වාෂ්පීකරණ ක්‍රමයට බාධා එල්ල වීම හේතුවෙන් දේශීය ලුණු නිෂ්පාදනයේ බිඳවැටීමකට ලක් වූ බවත් මෙම හිඟය නැවත්වීම සඳහා මෙට්‍රික් ටොන් 30,000ක ලුණු ආනයනයට කැබිනට් මණ්ඩලයේ තීරණය ගත්තද, එය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ලුණු හිඟය උග්‍ර වි තිබෙනවා.
මේ හේතුවෙන් සිල්ලර මිල රුපියල් 400 සිට 450 දක්වා ඉහළ ගොස් ඇති අතර, පාරිභෝගිකයන්ට ලුණු සොයා ගැනීමට නොහැකි තත්වයකට පත් වූ බවයි ඔහු සඳහන් කර සිටියේ.
අර්බුදයට ප්‍රතිචාර වශයෙන්, මේ වන විට ශ්‍රී ලංකා රජය වෙළඳපොල ස්ථාවර කිරීම සඳහා ලුණු ආනයනයට පියවර ගෙන ඇත.
ඒ අනුව 2025 මැයි 13 වන විට, ඉන්දියාවෙන් තවත් බඩු තොගයක් ඉක්මනින් පැමිණීමට නියමිත අතර, තත්ත්වය සති දෙකක් ඇතුළත සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ
එසේම, දේශීය ලුණු නිෂ්පාදනය වැඩි කිරීමට උත්සාහයන් සිදු වෙමින් පවතී. යාපනයේ ලුණු කර්මාන්ත ශාලා සංවර්ධන කටයුතු 2025 ජනවාරි මැද ආරම්භ වූ අතර මාර්තු වන විට නිෂ්පාදනය ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කෙරේ
කෙසේ නමුත් ආනයනයන් හේතුවෙන් 2025 මැයි අග වන විට හිඟය අවසන් වනු ඇතැයි අපේක්ෂා කළද, කාලගුණික බාධාවන් ඉදිරියටත් ගැටලු ඇති කළ හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එහෙත්, දේශීය නිෂ්පාදනය වැඩි කිරීමට සහ කාලගුණික විචලනයන්ට ඔරොත්තු දිය හැකි ලෙස යටිතල පහසුකම් සහ නිෂ්පාදන ක්‍රම වැඩිදියුණු කිරීමට ගන්නා උත්සාහයන් මඟින් වඩාත් ස්ථාවර සැපයුමක් සඳහා බලාපොරොත්තුවක් ඇති කර ගත ගත හැකි බවයි වැඩිදුරටත් ඔහු පවසන්නේ.