Saturday, May 31, 2025

General line - 0115112241

එකපිට එක වර්ජන - තැපෑලත් ඊයේ රෑ 12 සිටම වැඩවර්ජනයේ



තැපැල් වෘත්තීය සමිති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. 

එය හෙට දිනය දක්වා ක්‍රියාත්මකයි. 

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සංකේත වැඩවර්ජනය ආරම්භ කළේ ඊයේ පස්වරු 04.00 සිටයි.

පුරප්පාඩු පිරවීම, වැටුප් වර්ධක ලබා නොදීම සහ නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජේ.එච්.එම්. මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා පැවසුවේ.


මෙම වර්ජනය හරහා සේවා රැසක් බිඳ වැටෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.


මෙම ගැටලුව සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අමාත්‍යංශ ලේකම් අනිල් ජාසිංහ මහතා සහ තැපැල් පරිපාලනයට සම්බන්ධ නිලධාරින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

කෙසේ වෙතත් එම සාකච්ඡාව අසාර්ථක වී තිබෙනවා.