Saturday, May 31, 2025

General line - 0115112241

දකුණු මුහුදෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 1,054 පනී - මහ මොළකරු ගැන තවම ආරංචියක් නැහැ



දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන දික්ඕවිට ධීවර වරාය වෙත ගෙන ආ බහුදින ධීවර යාත්‍රා දෙකේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 1,054කට අධික බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ ආරංචි මාර්ග පවසනවා. 

මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බෝට්ටු දෙක දෙවුන්දර ප්‍රදේශයේ වන අතර සැකකරුවන් ද දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි ප්‍රකාශ කෙරුණේ. 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 11ක්.

එක් බහුදින ධීවර යාත්‍රාවක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 253යි ග්‍රෑම් 314ක් සහ හෙරොයින් කිලෝ 166යි ග්‍රෑම් 600ක් සොයා ගැනුනා. 

එහි සිටි සැකකරුවන් 06 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය පැවසුවේ. 

අනෙක් බහුදින යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 250යි ග්‍රෑම් 304ක් සහ හෙරොයින් කිලෝ 108යි ග්‍රෑම් 994ක් සොයා ගැනුනා. 

එහිදී අත්අඩංගුවට ගත්  සැකකරුවන් සංඛ්‍යාව 05ක්.
 

මෙම බහුදින යාත්‍රා දෙකේ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 779යි ග්‍රෑම් 212ක් සොයාගෙන තිබෙනවා. 

එම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදී තිබෙනවා. 

අත්අඩංගුවට ගත් සැකකරුවන්    11 දෙනා කොළම ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. 

මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදු තීරයේ ඉකුත් 22 වනදා සිදුකල වැටලීමකදීයි.