Saturday, May 31, 2025

General line - 0115112241

ලංකාවේ සියයට 68කට පෝෂදායී ආහාර නැහැ - ළමුන්ගෙන් හතරෙන් එකක් පලතුරු කන්නෙත් නැහැ



නව යොවුන් වියේ පසුවන පාසල් ළමුන්ගෙන් සියයට 25ක් පළතුරු ආහාරයට නොගන්නා බව අනාවරණ වී තිබෙනවා. 

ඒ, ගෝලීය පාසල් සිසු සෞඛ්‍ය සමීක්ෂණයේදීයි. 

සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශය මගින් මෙම සමීක්ෂණය සිදුකර තිබුණා. 

සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය පැවසුවේ අවුරුදු 13ත් 17ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පාසල් ළමුන් මෙම සමීක්ෂණය සඳහා යොදාගත් බවයි.


ළමුන් මෙන්ම වැඩිහිටියන් ද එළවළු සහ පලතුරු අනුභව නොකරන බවයි මෙම සමීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ.


නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් පෝෂදායී ආහාර ලබාගන්නා පිරිස මෙන්ම අධිබර පිරිසේ ද වැඩිවීමක් දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය පැවසුවේ.


මෙවර පෝෂණ මාසය යෙදෙන ජුනි මාසයේ තේමාව වන්නේ ද “එළවළු - පලතුරු සුවදේ නිරතුරු” යන්නයි.