Saturday, May 31, 2025

General line - 0115112241

වාහන සිහිනය තව අවුරුදු දෙකක් පමා කරමුද?

එන් ඒ ඩබ් නිරෝෂන්



වාහන බදු අඩු කිරීමට තවත් වසර දෙකක් හෝ තුනක් ගතවනු ඇතැයි වාරය  සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසනවා.

ඔහු කියා සිටියේ 2028 පමණ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි පුරෝකතනයක් පවතින බවයි. 


පවතින බදු පැනවීමේ විශාල අඩුවීමක් මෑතකදී අපේක්ෂා කළ නොහැකි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.


ඉදිරියේදී විදුලි වාහන ප්‍රවර්ධනය කිරීම සදඟා නව වැඩපිළිවෙලක් සකසන බවද වාරය  සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් සඳහන් කළා.