Saturday, May 31, 2025

General line - 0115112241

ඉඩමක උරුමය කාටද ?



ඉඩම් හිමිකම් සම්බන්ධයෙන් පැවති ගැටලු විසඳීමට රජය විසින් නව නීති සම්පාදනය කර තිබුණද ඇතැම් රාජ්‍ය නිලධාරීන් ඒ අනුව කටයුතු නොකර යල් පැන ගිය නීති අනුව කටයුතු කරමින් සිටින බවට ජනතාවගෙන් චෝදනා එල්ල වනවා. 

ඉඩමක පසු උරුමය නම් කර නොමැති අවස්ථාවක පවුලේ වැඩිමහල් පිරිමි දරුවාට එම ඉඩම අයිති වන බවට පැවති නීති මීට වසර කිහිපයකට පෙර ඉවත් කරනු ලැබුවා. 

ඒ, සමාජයේ පැන නැඟුණු විවිධ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ සැලකිල්ලට ගෙනයි. 
 

ඉඩම් පනතට ගෙනා නව සංශෝධන අනුව පසු උරුමය නම් කර නොමැති ඉඩමක අයිතිය හිමි වන්නේ එය වර්තමානයේ භුක්ති විඳින පුද්ගලයාටයි. 

එහෙත් ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉඩම් අංශයේ නිලධාරීන් බලපත්‍ර ලබා දීමේදී තවමත් පවුලේ වැඩිමලාගේ කැමැත්ත ඉල්ලා සිටින බවටයි ජනතාව චෝදනා කරන්නේ. 
 

වර්තමානයේ මේ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය කුමක්ද? ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන සමගිආරච්චි මහතාගෙන් නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා.  


කිසියම් නිලධාරියෙකු මේ අනුව ක්‍රියාත්මක නොවන්නේ නම් ගත හැකි ක්‍රියාමාර්ග මොනවාදැයි නෙත් නිවුස් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගෙන් විමසා සිටියා. 
 

එහිදී ඔහු කියා සිටියේ අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාට එවැනි ගැටලු ඉදිරිපත් කළ හැකි බවයි. එහිදීද ගැටලුව නොවිසඳෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් අදාළ පළාතේ පළාත්, ඉඩම් කොමසාරිස්වරයා වෙත එම ගැටලු ඉදිරිපත් කළ හැකි බවයි ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන සමගිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ.