මීගමුව, තලාදූව ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී සිය ගිනි අවියෙන් අහසට වෙඩි තැබීමක් සිදුකල ව්‍යාපාරිකයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එකම පාසලක ආදි සිසුන් දෙදෙනෙකු අතර සිදු වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඔවුන් දෙදෙනාම ව්‍යාපාරිකයන් වනවා.
ඉන් එක් අයෙකු මීට පෙර නීත්‍යානුකූල ආකාරයෙන් ගිනි අවියක් ලබාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
එම වෙඩි තැබීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර පොර බැඳීමක් ද සිදුව තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අහසට වෙඩි තැබූ ව්‍යාපාරිකයායි.
ඔහු අද මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.