සිය සංගමය ආරම්භ කළ දෙදින වැඩවර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඉල්ලීම් 15ක් මුල්කර ගනිමින් එම සංගමය වැඩවර්ජනයේ නිරත වනවා.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජේ එච් එම් මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා.
කෙසේවෙතත් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයක නිරත වුවද තැපෑලේ සෙසු සංගම්වල නියෝජිතයින් රාජකාරි සඳහා වාර්තා කර ඇති බවයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ.