Saturday, May 31, 2025

General line - 0115112241

පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ ආදාහන කටයුතු ජුනි මස පළමුවනදා



අපවත් වී වදාළ පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ ආදාහන කටයුතු ජුනි මස පළමුවනදා සිදු කෙරෙනවා. 

ඒ, දොම්පේ, පුටුපාගල වෝල්ටර් පෙරේරා ක්‍රීඩාංගණයේදීයි. 

ත්‍රෛනිකායික මහා සංඝ රත්නයේ වැඩම කරවීමෙන් එදින පස්වරු 03ට ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ වන බවයි දොම්පේ ශ්‍රී කල්‍යාණ ධර්මාශ්‍රමාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය, වැලිමඩ සාරද හිමියන් නෙත් නිවුස් වෙත පැවසුවේ. 

අපවත් වී වදාළ පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ දේහය අද පෙරවරු 08ට බියගම හෙයියන්තුඩුව සිරි දේවමිත්ත යෝගාශ්‍රමය වෙත වැඩම කරවන බවද වැලිමඩ සාරද හිමියන් පැවසුවා. 


යොවුන් සිත් දහම් සිසිලෙන් සැනසූ පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් තරුණ තරුණියන් බෞද්ධ දර්ශනය වෙත නැඹුරු කරවීමට මෙන්ම තරුණ සිත් තුළ බෞද්ධාගමික ප්‍රබෝදයක් ඇති කිරීමට කළ මෙහෙය අපමණයි.
 

නෙත් එෆ් එම් ශ්‍රාවකයින්ට ද අතිශය සමීප අපවත් වී වදාළ පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භක සමයේ සිටම ධර්ම දේශකයානන් වහන්සේ නමක් ලෙස එක්ව කටයුතු කළා. 
 

මෙරට රේඩියෝ නාළිකාවක් විසින් සංවිධාන කළ පළමු කඨින චීවර පූජාව සිදු   කළේ ද පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ දෙල්ගොඩ පිහිටි යොවුන් සිතට දහම් සිසිල මධ්‍යස්ථානයේදීයි.