ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙරට වේලාවෙන් අද අළුයම 12.45ට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයේ සමුළුව අමතනු ලැබුවා.

එහිදී ගාසා තීරයේ පවතින යුද ගැටුම් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සිය ස්ථාවරය ප්‍රකාශ කළා. තම බලය වැඩිකර ගැනීමට තවත් අයෙකුගේ ජීවිතවලට බලපෑම් කිරීමට හෝ පීඩා කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.