Published
සිංහරාජ වනන්තරය හරහා මාර්ගයක් ඉදිකිරීමට පරිසර අමාත්‍යංශය හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු අවසරයක් ලබාදී නොමැති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතා පවසනවා. රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවද අදාල යෝජනාව පරිසර අමාත්‍යංශයට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වී නොමැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඒ සම්බන්ධයෙන් පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී පරිසරවේදී සජීව චාමිකර මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
කෙසේවෙතත් එවැනි මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් කිසිදු සහායක් ලබා නොදෙන බවයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතා කියා සිටියේ.