මඳුරන්කුලිය, පුත්තලම - කොළඹ මාර්ගයේ සෙම්බැට්ට ප්‍රදේශයේදී කාර් රථයක් සහ ලොරි රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුත්තලම, සාලියවැව ප්‍රදේශයේ පදිංචි කරුවලගස්වැව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක්.

පුත්තලම දෙසට ධාවනය වූ කාර් රථයක් විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටී එම අනතුරක් සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් කාර් රථයේ ගමන් කළ පොලිස් සැරයන්වරයා බරපතල තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මඳුරන්කුලිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.