ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළට ඇදහැළෙන වැසි හමුවේ ගිං සහ නිල්වලා ගංගාවල ජලමට්ටම් සැලකිය යුතු ඉහළ යාමක් දක්නට ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තව පවසනවා.
ඒ අනුව මේ වනවිටත් ගිං ගඟේ ඇතැම් පහත් බිම් යටවී ඇති බව ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අධ්යක්ෂ ඉංජිනේරු එල් එස් සූරියබණ්ඩාර මහතා පැවසුවා.
" ගිං ගඟ සහ නිල්වලා ගඟ ඉහළ ප්‍රදේශයේ දෙනියාය ප්‍රදේශයට ආසන්න ප්‍රදේශවලත්, ඒ වගේම ගින්ගඟ පහළ ප්‍රදේශ තවලම සහ බද්දෙගමට ආසන්නව තිබෙන ඉතිරි ප්‍රදේශවලත් මිලිමීටර 100ත් 150ත් අතර වර්ෂාපතනයන් ස්ථාන කිහිපයකම දකින්නට තියෙනවා. මේ තත්ත්වය යටතේ ගිං ගඟ සහ නිල්වලා ගඟ ජල මට්ටම් සැලකිය යුතු ඉහළ යාමක් දකින්නට තියෙනවා. විශේෂයෙන්ම නිල්වලා ගඟ අකුරැස්ස සහ ඉන් පහළ ප්‍රදේශ සුළු ගංවතුර මට්ටමට ආසන්න මට්ටමකට පැමිණ තිබෙනවා. එහෙත් කෙසේ නමුත් තවදුරටත් විශාල වැඩිවීමක් දකින්නට නැහැ. ඒ වගේම ගිං ගඟ තවලම ප්‍රදේශය සහ බද්දෙගම ආසන්නයේ ප්‍රදේශ සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. විශේෂයෙන්ම නාගොඩ සහ බද්දෙගම, වැලිවිටිය-දිවිතුර වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් බොහෝදුරට යටවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තවමත් බද්දෙගම ජල මට්ටම සාමාන්‍ය වැඩිවීමක් දකින්නට තියෙනවා. කෙසේ නමුත් එය විශාල වැඩිවීමක් නිරීක්ෂණය වෙන්නේ නැහැ. මේ වන විට බද්දෙගම ජල මට්ටම් සුළු ගංවතුර තත්ත්වයකට පැමිණ තිබෙනවා."
"කළුගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ ආශ්‍රිතව මිල්ලකන්ද සුළු ගංවතුර තත්ත්වයකට බොහෝදුරට ආසන්න මට්ටමේ තියෙන්නේ. ඒ නිසා ඒ ප්‍රදේශයේ විශේෂයෙන්ම බුලත්සිංහල, පාලින්දනුවර වැනි ප්‍රදේශවල පහත් බිම් මේ වන විටත් යටවීමේ හැකියාව තියෙනවා. නමුත් විශාල වැඩිවීමක් දකින්නට නැහැ. සුළු වැඩිවීමක් තවමත් පවතිනවා. කැලණි ගඟේ ජල මට්ටම් එතරම් සීඝ්‍ර වැඩිවීමක් දකින්නට නැහැ. නමුත් ඉහළ අගයකට පැමිණ තිබෙනවා. තවදුරටත් විශාල වැඩිවීමක් අපේක්ෂා කරන්නේ නැහැ. අත්තනගලු ඔයේ ජල මට්ටම, විශේෂයෙන්ම දූනමලයේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා ඊයේ දිනයේ ලැබුණු වර්ෂාපතනයන් එක්ක. කෙසේ නමුත් තවදුරටත් විශාල වැඩිවීමක් දකින්නට නොතිබුණත්, ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ගම්පහ නගරය සහ ඒ ආසන්නයේ පහත් බිම් සහ ඉන් පහළ ප්‍රදේශවල පහත් බිම් යටවීමේ හැකියාව තියෙනවා මේ තත්ත්වය යටතේ. අනෙකුත් ගංගාවල ජල මට්ටම් තවමත් සාමාන්‍ය අගයක පවතින්නේ. කිසියම් වැඩි මට්ටමක පැවතියත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ. විශේෂයෙන්ම මහඔය, ඒ වගේම මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශවලත් ඊයේ දිනයේ ලැබුණු වර්ෂාපතනයත් සමඟ ක්ෂණිකව ජල මට්ටම් වැඩිවීමක් දකින්නට තිබුණත් මේ වන විට අඩුවෙමින් පවතිනවා, විශේෂයෙන්ම පේරාදෙණිය සහ නාවලපිටිය වැනි ප්‍රදේශවල."




