මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් වෘත්තිය සමිති ක්‍රියාකරුවකු වන ආනන්ද පාලිත මහතා අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

පැය හතකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු ඊයේ අත්අඩංගුවට ගැණුනේ 2015 සිට 2019 වර්ෂය දක්වා කාල සීමාව තුල ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ අතිකාල දීමනා වංචා කිරිමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කෙරන විමර්ශනයකට අදාළවයි.

පොලිස්පතිවරයාට ලද පැමිණිල්ලකට අනුව අදාළ විමර්ශනය සිදු කෙරෙන බවයි පොලීසිය පැවසුවේ.