මෙවර අයවැයෙන් වැඩි කළ දීමනා හිමිවන්නේ රාජ්‍ය සේවකයින්ගෙන් සියයට 16කට පමණක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා.
අයවැය දෙවනවර කියවීමේ විවාදයේ තුන්වන දිනය වූ ඊයේ දිනයේ විවාදයට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.
2024 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ උදය සෙනෙවිරත්න කොමිටියේ තීරණයක් අරගෙන තිබ්බා 25 ජනවාරි, 26 ජනවාරි, 27 ජනවාරි වලින් පඩි වැඩි කරන්න ඕනේ කියලා තුන් වතාවකට. හරි, ඒක කරගෙන යනවා. අවුලක් නෑ හොඳයි. හැබැයි එතකොට උද්ධමනය තිබුණේ කථානායකතුමනි සියයට බිංදුවයි. ඇත්ත වශයෙන්ම සෘණ දශම හතරයි (-0.4%). අද උද්ධමනය සියයට අටයි දශම තුනයි (8.3%). ඇත්ත වශයෙන්ම මේ පඩි වැඩි කිරීම පිළිබඳව ඒකේ අවශ්‍යතාවය, හරි, ඒකේ ක්‍රය ශක්තිය පිළිබඳව මම හිතන්නේ හොයලා බලන්න තිබුණා. දැන් අපිට උද්ධමනයට සාපේක්ෂව කෝලා (COLA) කියලා එකක් ලැබෙනවා, Cost of Living Allowance. ඒක වැඩි කළේ 2024 අවසාන වශයෙන් රුපියල් 17,800යි. එතකොට උද්ධමනය වැඩි වෙනකොට උද්ධමනයට සාපේක්ෂව Cost of Living එක වැඩි වෙන්න ඕනේ. නමුත් 2024 ඉඳලා එක පාරක්වත් මේක කරලා නෑ. දැන් සමහරුන්ට allowance දුන්නා. මිලිටරි එකයි පොලීසියයි අයින් කරාම මම හොයලා බැලුවා රාජ්‍ය සේවකයෝ ලක්ෂ දහයක් ඉන්නවා. දැන් හොයලා බැලුවා මේ allowance හම්බවෙන්නේ කී දෙනෙක්ටද? ඔක්කොම එකතු කරාම allowance ලැබෙනවා ලක්ෂ 1.6කට. හරි, එක්ලක්ෂ හැටදාහකට (160,000). ඒ කියන්නේ වැඩ කරන කට්ටියගෙන්, හරි, allowance එක ලැබෙන්නේ 16%කට.
මේ අතර අයවැය දෙවනවර කියවීමේ විවාදය අද සිව්වන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.




