Published
රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 112 දෙනෙකු රටවල් 13ක සැඟව සිටින බවට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා.
එම සැකකරුවන් සහ සැකකාරියන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්ය කඩිනම් පියවර ගනිමින් සිටින බවයි පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ.
”රටම එකට” ජාතික මෙහෙයුමේ ප්රගතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.




