වයස අවුරුදු 18 සම්පූර්ණ වූ මෙරට පුරවැසියන්ගෙන් මිලියන 13කට ආසන්න ප්රමාණයක් බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය ලබා ගෙන ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කොමසාරිස් හා මාධ්ය ප්රකාශක නන්දන කුමාර මහතා නෙත් නිව්ස් වෙත ප්රකාශ කළේ වයස අවුරුදු 18 සම්පූර්ණ කල පුද්ගලයන් මිලියන 17ක් පමණ සිටින බවයි.
වයස අවුරුදු 18 ඉක්ම වූ පුද්ගලයන්ට නොවැම්බර් මස 01 වනදා සිට නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් ටින් අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා.
ටින් අංකය නොමැතිව එම කටයුතු සිදුකිරීමට නොහැකි වන බවයි නන්දන කුමාර මහතා ප්රකශ කළේ.
"බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකය අනිවාර්ය කරලා තියෙනවා කාරණා කීපයකට. එතකොට එකක් තමයි දැන් අපි අරගත්තොත් මේක ඇත්තටම පටන් ගත්තේ බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් ගන්න කියලා අපි කිව්වේ 2024 ජනවාරි පළවෙනිදා වෙනකොට සේරටම අනිවාර්ය කරා. එතකොට දැන් එතනින් පස්සේ බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකය අනිවාර්ය කරලා තියෙනවා යම් යම් ආර්ථික කටයුතු සඳහා. එකක් තමයි බැංකු එකවුන්ට් එකක් විවෘත කරද්දී බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකය අනිවාර්ය කරලා තියෙනවා නොවැම්බර් පළවෙනිදා ඉදලා. ඊළඟට බිල්ඩින් ප්ලෑන් එකක් අනුමත කරගනිද්දී, ඊළඟට මෝටර් වාහනයක් ලියාපදිංචි කරද්දී, ඊළඟට මෝටර් වාහනයක් සඳහා ආදායම් බලපත්රයක් අලුත් කරද්දී, ඊළඟට ඉඩමක් ලියාපදිංචි කරද්දී, ඊළඟට ව්යාපාරයක් ලියාපදිංචි කරද්දී, ඊළඟට ශෙයාර්ස් ට්රාන්ස්ෆර් කරොත්, ඒ කියන්නේ ශ්රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් ට්රාන්ස්ෆර් කරොත්, ඒ කොටස් ඒ කියන්නේ මාරු කරන තැනැත්තා සහ කොටස් ලබන්නා කියන දෙන්නම ටින් අංකයක් ලබාගෙන තිබිය යුතුයි. ඊළඟට ක්රෙඩිට් කාඩ් එකක් ලබාගනිද්දී ටින් අංකයක් තිබිය යුතුයි."
ටින් අංකය ලබා ගත් සියළු දෙනාම බදු ගෙවිය යුතු බවට වූ දුර් මතයක්ද සමාජයේ පවතිනවා. ඒ සම්බධයෙන්ද නෙත් නිව්ස් දේශීය ආදායම් කොමසාරිස් නන්දන කුමාර මහතාගෙන් මෙහිදී විමසීමක් කළා.
"අවුරුදු 18 සම්පූර්ණ වුණු සියලුම දෙනාම ටින් අංකයක් ලබාගත යුතුයි. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නෑ අවුරුදු 18 සම්පූර්ණ වුණු හැම කෙනාම බදු ගෙවිය යුතුයි කියලා. හැබැයි කිසියම් කෙනෙක්ගේ ආදායම අවුරුද්දකට ලක්ෂ 18ක් ඉක්මවනවා නම් ඒ අය බදු ගෙවිය යුතුයි. එතකොට ඒ අය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් බදු ලිපිගොනුවක් විවෘත කරගෙන බදු ගෙවීම සිදු කරන්න ඕනේ අවුරුද්දකට ලක්ෂ 18කට වඩා වැඩි ආදායමක් ලබන කෙනෙක්."
වයස අවුරුදු 18 සම්පූර්ණ වූ ඕනෑම පුද්ගලයෙකුට ඉතාම පහසුවෙන් මාර්ගගත ක්රමය ඔස්සේ ටින් අංකය ලබාගත හැකි බවද මෙහිදී ප්රකාශ කෙරුණා.
"දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තියෙනවා ird.gov.lk. ඒ වෙබ් අඩවියට ලොගින් වෙලා, ඒකෙ තියෙනවා 'e-Services' කියලා. එතකොට 'e-Services' වලට ගියාට පස්සේ 'Access to e-Services' කියන එක තෝරගන්න පුළුවන්. එතන වම් අත පැත්තේ තියෙනවා ලින්ක් එකක් තියෙනවා 'Taxpayer Registration' කියලා. ඒක ක්ලික් කරාට පස්සේ තනි පුද්ගලයෙක් නම් 'Individual Local' කියන එක සිලෙක්ට් කරාට පස්සේ ඇප්ලිකේෂන් එකක් පෙන්නුම් කරනවා. ඒ ඇප්ලිකේෂන් එකේ අවශ්ය තොරතුරු ටික ඇතුලත් කරලා, ඒකෙ ඉල්ලලා තියෙනවා තොරතුරු ප්රමාණයක්, ඒ තොරතුරු ටික ඇතුලත් කරලා තමන්ගේ හැඳුනුම්පතේ පැහැදිලි ස්කෑන් කරපු කොපියක් එක්ක, ඇට් කොපියකුත් ඇටෑච් කරලා මේක සබ්මිට් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේක යොමු කරාට පස්සේ ඔබ දීලා තියෙන ඉමේල් ලිපිනයට මේ ටින් අංකය ඔබට, ටින් සහතිකය, ටින් සහතිකය සහ මේ පද්ධතියට ඇතුල්වීමට අවශ්ය කරන මුරපදයක්, අපි කියනවා වන් ටයිම් පාස්වර්ඩ් (OTP) එකක් ඔබ දීලා තියෙන ඉමේල් ලිපිනයට ලැබෙනවා. එතකොට ඒක ඔබට මේ ඕනෑම අපි කියපු නොවැම්බර් පළවෙනිදා ඉදලා ක්රියාත්මක වන කිසියම් කටයුත්තක් සඳහා භාවිත කිරීමේ හැකියාව තියෙනවා."




