Published
තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ එංගලන්ත සහ ශ්රි ලංකා කණ්ඩායම් අතර තරගය දැන් පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම පන්දුවාර 2ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්යාව 10 ක්.
තුන් කොන් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා ශ්රී ලංකාව මේ වනවිටත් සුදුසුකම් ලබා අවසන්.
ඒ අනුව සත්කාරක පකිස්තාන කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර එම තරගාවලියේ අවසන් මහා තරගය ලබන 31 වනදා පැවැත්වීමට නියමිතයි.




