නෙත් එෆ් එම් ඩී ජේ නයිට්හි ෆේස්ටු ෆේස් ඇටෑක් ෂෝ තරගය දැන් තවත් තිව්‍ර වී තිබෙනවා.
ඒ, එම තරගයේ දෙවන වටය ආරම්භ වීම හේතුවෙන්.
ඒ සදහා තරග වදින්නේ නෙත් එෆ් එම් ඩී ජේ නයිට්හි ෆේස්ටු ෆේස් ඇටෑක් ෂෝහි පළමු වටයෙන් ජයග්‍රහණය හිමිකරගත් තරගකරුවන් 14 දෙනෙක්.
ඒ අනුව ඊයේ රාත්‍රියේ පැවති ෆේස්ටු ෆේස් ඇටෑක් ෂෝ හි දෙවන වටයේ පළමු තරගය සදහා කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඩී ජේ ලකී ජේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනයක කරමින් ඩී ජේ වික්ට්‍රෝ තරග වැදුණා.
පැවති කරට කර උණුසුම් තරගයෙන් අනතුරුව හම්බන්තොට නියෝජනය කරන ඩී ජේ වික්ට්‍රෝ ඊයේ පැවති තරගයේ ජය තමන් සතු කර ගත්තා.
ඒ, මනාප 40,399 ක් ලබා ගනිමින්.
නෙත් එෆ් එම් ඩී ජේ නයිට් මේ වනවිටත් රේඩියෝ මාධ්‍යයේ මෙන් සමාජ මාධ්‍යයේද බොහෝ දෙනාගේ අවධානය දිනාගත් සහ පෙරළිකාර වැඩසටහනක් වී අවසන්.
ඒ සදහා ලැබෙන ප්‍රතිචාර දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා.
සෑම සිකුරාදා දිනකම රාත්‍රි නවයේ සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා නෙත් එෆ් එම් ඩී ජේ නයිට්හි ෆේස්ටු ෆේස් ඇටෑක් ෂෝ පැවැත්වෙනවා.
ඒ අනුව ලබන සිකුරාදා තරග වදින්නේ කොළඹ දිස්ත්‍රික්කය සහ ගාල්ල දිස්ත්‍රික්කයි.




