ජපාන අගමැතිනි සනයි තකයිචිගේ නායකත්වයෙන් යුත් ජපාන පාලක පක්ෂය එරට මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්වී තිබෙනවා.

සනයි තකයිචිගේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වයෙන් යුත් සන්ධානයකින් මහ මැතිවරණයට ඉදිරිපත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ජපාන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 465 න් ආසන 352ක් දිනා ගැනීමට ජපාන පාලක පක්‍ෂය සමත් වී තිබෙනවා.

ජපානයේ මහ මැතිවරණය ඊයේ (08) දිනයේ පැවැත්වුණා.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ජපානයේ එවකට අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා වසරකටත් අඩු කාලයක් තුළදී එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව සනයි තකයිචි එරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස බලයට පත් වුණා.

ඒ අනුව මාස තුනක් ගතවූ පසු ඉකුත්දා ඇය එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.