දකුණු කොරියාවේ සිදුවූ රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු කර ගෙන තිබෙනවා.

එලෙස ජිවිතක්‍ෂයට පත්ව ඇති එක් පුද්ගලයෙකු ගොඩකවෙල, රන්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

අනෙක් පුද්ගලයා වළපනේ, හල්ග්‍රාන්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔවුන් සේවය නිම කර සිය නේවාසිකාගාරයට යමින් සිටියදි ට්‍රක් රථයක පිටුපස ගැටී ජිවිතක්‍ෂයට පත්ව තිබුණා.

ඔවුන් දෙදෙනාගේ මෘත ශරීර කඩිනමින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කළා.