අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 6 වන දිනය අදයි.

ඒ අනුව ආරක්‍ෂක, මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍යාංශවලට අයත් වැය ශීර්ෂයන් අද විවාදයට ගැනෙනවා.

විවාද ආරම්භ කරමින් අදහස් දැක්වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතායි.

''අද මේ රටේ තොරතුරු දැනගැනීමේ පනත ජනතාවගේ අයිතියක්. අපි එදා ගෙනාවේ. අද මේ රටේ ජනතාවට අයිතියක් නෑ. ජනාධිපති මාධ්‍ය අංශයේ තොරතුරු ලබාගන්න අයිතියක් නෑ. මොන තමුන්නාන්සේලාගේ ප්‍රජාතන්ත්‍රවාදය. ජනතාවගේ මාධ්‍ය අංශයේ. ඒ වගේම මේ රටේ ජාතික ප්‍රශ්නයට උත්තරයක් දෙන සංහිඳියා කාර්යාලය දැන් අක්‍රිය කරලා තියෙනවා. මං දන්නෑ ජාතික ප්‍රශ්නෙට කොහොමද උත්තර දෙන්නේ කියලා. වින්දිතයින් සඳහා වන්දි ගෙවීම් පිළිබඳ කාර්යාලය. අද ක්‍රියාත්මක වෙන්නෑ අපි දන්න විදිහට. මෙහෙමයි තමුන්නාන්සේලා මේ රටේ ජාතික ආරක්ෂාව ගැන බලන්නේ. ඒ වගේම සත්‍ය සෙවීමේ කොමිෂන් සභාව අද ක්‍රියාත්මක වෙන්නෑ. සංවිධානාත්මක අපරාධ පනත ගෙනැල්ලා මොකක්ද කරන්න හදන්නේ? විරුද්ධ පක්ෂය මර්ධනය කරන්න. අපි දැක්කා අපේ වෘත්තීය සමිති නායකයෙක් ආනන්ද පාලිත මහත්මයා කිසිම හේතුවක් නැතුව එතුමා ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරද්දී එතුමා ගත්තා අත්අඩංගුවට. මං අහනවා මේකද තමුන්නාන්සේලාගේ ප්‍රජාතන්ත්‍රවාදය. ඕගොල්ලන්ගේ වෘත්තීය සමිති නායකයෝ කියන දේවල් ඒගොල්ලන්ට උසාවියෙන් කියනවා තමුන්නාන්සේලාගේ වෘත්තීය සමිති නායකයෙකුට නෑ නෑ විනිශ්චයකාරයා කියනවා පොලිසියට මෙයා ඉදිරිපත් කරන්න උසාවියට. ඉදිරිපත් කරන්නෑ. විනිශ්චයකාරයා මාරු කරනවා. කොහෙද පාලිසික නිදහස් අධිකරණය. මං අහනවා. අද තමුන්නාන්සේලා මොකක්ද අද කරන්න යන්නේ? මර්ධනයෙන් මේ රට පාලනය කරන්න යනවා. ඒක නිසා තමයි පී.එස්.ටී. බිලයි ඕ.සී.බී. මේකයි ගේන්න යන්නේ. අපි ඒකට විරුද්ධයි.

ඉන් අනතුරුව ආණ්ඩු පක්‍ෂය වෙනුවෙන් විවාදයට එක් වූ මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පසුගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් අදහස් පළ කළා.

''මත්ද්‍රව්‍ය ජාවාරම් එමිදී 25 26 වර්ෂ වලදී මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම් 520051ක් කරලා තියෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් නීතියේ රැහැනට අසුකර ගැනීම් 520051ක් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 36811ක් මේ කාලය තුළ. එහි වටිනාකම රුපියල් කෝටි 19643 එහෙම නැත්නම් රුපියල් මිලියන 196435ක් වටිනා මත්ද්‍රව්‍ය මේ වසර දෙක පුරාවට අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත් සැකකරු ගාන 519470ක්. ඒ වගේම සංවිධානාත්මක අපරාධ ප්‍රබල තර්ජනයක් වෙලා තියෙනවා මේ සමාජයට. වෙඩි තැබීම් වලින් 2025 වර්ෂයේ 102 දෙනෙක් පුද්ගලයෝ මිය ගියා. අපි මේක පාලනය කරා මේ වර්ෂයේදී මේ වෙනකොට මිය ගිහිල්ලා තියෙනවා 51ක්. අපි ඒක කිසිසේත්ම සෑහීමකට පත් වෙන්නේ නෑ කිසිදු ජීවිතයක් අහිමි විය යුතු ඉඩකඩ දිය යුතු නෑ. කොහොම වුණත් 50%කින් මේක පාලනය කරගන්න අපි මේ වෙනකොට සමත් වෙලා තියෙනවා.ඒ අනුව ගිනිඅවි ටී 56 අවි 98ක් පිස්තෝල 143ක් රිවෝල්වර 108ක් ඇතුළු ගිනිඅවි 4126ක් මේ අවුරුද්ද දෙක තුළ අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසියත් විශේෂ කාර්ය බලකායත් ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයනුත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම සංවිධානාත්මක අපරාධකරුවන් පසුගිය වසර දෙක තුළ මේ රට තුළ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ 818 දෙනෙක් නීතියේ රැහැනට කොටුකරගෙන ඔවුන් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම රතු නිවේදන නිකුත් කරලා තියෙනවා 233කට නිල් නිවේදන නිකුත් කරලා තියෙනවා 92කට විදේශ වලින් සංවිධානාත්මක අපරාධකරුවෝ මේ වෙනකොට ඊයේ දවස වෙනකොට 72 දෙනෙක් ගෙනැවිල්ලා තියෙනවා ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් නීතියේ රැහැනට කොටුකරගෙන මෙරටට ගෙනැවිල්ලා ඔවුන් නීතියේ ඉදිරියේ අවශ්‍ය විමර්ශන කටයුතු මේ වෙනකොට සිදුකරමින් ඉන්නවා ඔවුන් ඉදිරි කාලයේදී නීතිය ඉදිරියට පැමිණීමට අවශ්‍ය සියලු පියවර ගන්නවා. ඒ වගේම රතු නිවේදන නිකුත් කරලා තියෙනවා තවත් 43 දෙනෙක් මොන රටවලද ඉන්නේ කියලා තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා මේ වෙනකොට.''