Published
සංවිධාත්මක අපරාධකරුවෙකු බව කියන ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නමැත්තා හංවැල්ල පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා.
ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්.
හංවැල්ල පොලිස් වසමේ සිදුවූ බව කියන අපරාධ ස්ථාන නිරීක්ෂණය සදහා එලෙස ඔහු රැගෙන ආ බවයි පොලිසිය පැවසුවේ.
දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ මධ්‍යහ්න 12.10 ට පමණ හංවැල්ල පොලිස් ස්ථානය වෙත රැගෙන ආ බස් ලලිත් නමැත්තා එම විමර්ශන කටයුතු අවසන්වීමෙන් අනතුරුව මීගොඩ ප්‍රදේශයට රැගෙන ගිය බවද පොලිසිය වැඩිදුරටත් පැවසුවා.




