මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා රජය පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඒ පිළිබඳ සතුටට පත්වන බවත් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙද්දී වාණිජ වගාවක් ලෙස ගංජා වැවීමට ආණ්ඩුව ඉඩ ලබාදීම අනුමත කළ නොහැකි බවයි ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ.

ගංජා පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය රටට හිතකර ද යන තේමාව ඔස්සේ සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පැවති සමුළුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

අයිස්ලන්තයක් වීමට ගිය දකුණ බේරාගත්තා සේම මීරිගම ගංජාලන්තයක් බිහිවීමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් එහිදී කියා සිටියා.