Published
උඩරට දුම්රිය මාර්ගය, ගමනාගමන කටයුතු සඳහා යථාවත් කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන රාත්‍රී තැපැල් දුම්රියන් අද සාමාන්‍ය පරිදි ධානයට එක් කිරීමට කටයුතු යොදා ඇති බවයි.
එමෙන්ම හෙට දිනයේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා පෙරවරු 09.45ට ධාවනය වන දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා පෙරවරු 10.20ට ධාවනය වන දුම්රියන් දෙක පමණක් අවලංගු වනවා.
උඩරට මාර්ගයේ අනෙකුත් දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.




