වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ වී ඇතත් ඒ සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව විපක්ෂය චෝදනා කරනවා.

එහෙත් ආණ්ඩුව පවසන්නේ වී ගොවි ජනතාවගේ සියලු ප්‍රශ්න මේ වන විට අවසන් කර ඇති බවයි.

කෙසේවෙතත් මෙවර ගොවි ජනතාවට ලබාදී ඇති සහතික මිල ප්‍රමාණවත් නොවන බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සමන් රත්නප්‍රිය මහතා චෝදනා කළා.

එහෙත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසුවේ ගොවි ජනතාවට කිසිදු පාඩුවක් සිදු වීමට ඉඩක් නොතබන බවයි.

කෙසේවෙතත් සමන් රත්නප්‍රිය මහතා චෝදනා කළේ තෙත වී සඳහා නියම කර ඇති මිල ප්‍රමාණවත් නොවන බවයි.

එහෙත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසුවේ වී සඳහා මෙවර ලබාදී ඇත්තේ උපරිම මිල බවයි.

රජය වී මිලදී ගැනීමේ කටයුතු ඊයේ ආරම්භ වුණා.