හොරණ - බටගොඩ වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි අධ්‍යක්ෂවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී අධිකරණය නියෝග කළේ සැකකාර බටගොඩ වැඩිහිටි නිවාසයේ
අධ්‍යක්ෂවරයා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

එම වැඩිහිටි නිවාසයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්නෙන් එහි සිටි පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

එහිදී තුවාල ලැබු තවත් කිහිපදෙනෙකුරෝහල් ගත කෙරුණා