එළඹෙන නොවැම්බර් මස 30 වනදා සිට බස් රථවල ගමන් ගන්නා මගීන්ට බැංකු කාඩ්පත් මගින් ටිකට්පත් ලබා ගැනීමේ අවස්ථාව හිමිකර දෙන බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුව්දී ප්‍රකාශ කළා.

ඒ, එම අමාත්‍යංශයට අයත් රුපියල් 36 බිලියන හයසිය නව මිලියනයක පරිපූරක ඇස්තමේන්තුවකට අදාල යෝජනාවක් සම්මත කර ගැනීම සඳහා අද පැවති විවාදයේදීයි.

එම විවාදය අරඹින් අමාත්‍ය බිමල් රත්නායක මහතා අදහස් දැක්වූයේ මෙලෙසයි.

එහිදී බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමට පහසුකම් සැලසීම සඳහා පවතින සූදානම සම්බන්ධයෙන් ද අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙලෙස අදහස් පළ කළා.

විපක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතායි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ද මෙම විවාදයට එක් වුණා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විවාදයට එක්වෙමින් ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.