ඉරානයට අයත් IRIS Lavan නමැති යුද නෞකාව ඉන්දියාවේ කොචි වරායේ නැංගූරම් ලා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එම නෞකාවේ හදිසියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඉරාන බලධාරීන් විසින් සිය නොකාවට රැකවරණය ලබාදෙන ලෙසට ඉන්දියාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එම ඉල්ලීමට අනුව IRIS Lavan නමැති ඉරාන යුද නෞකාව කොචි වරායට ඇතුළුවීමට ඉන්දියාව අවසර ලබාදි ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
183 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් එම නෞකාවේ සිටි බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඉන්දියාව මෙලෙස ඉරාන නෞකාවකට කොචි වරායට ඇතුළුවීමට අවසර ලබාදී ඇත්තේ පසුගිය දින කිහිපය තුළ ඉරාන නෞකා දෙකක් පිළිබද ලෝකයේම අවධානය යොමු වූ පසුබිමක් තුළයි.
ඉන් එක් නෞකාවක් වන IRIS Lavan නෞකාව ජාත්‍යන්තර මුහුදේ ඉන්දියානු සාගරයේදී පසුගියදා මුහුදු බත් කළා.
ඒ, අමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකින්.
එම ප්‍රහාරයෙන් අනතුරුව නෞකාවේ සිටි පුද්ගලයන් 32දෙනෙකු මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වුණා.
එමෙන්ම තවත් පුද්ගලයන් 87 දෙනෙකුගේ මළ සිරුරු නාවික හමුදාව විසින් සොයා ගනු ලැබුවා.
මේ අතර ඉරානයට අයත් තවත් නෞකාවක් වන IRIS BUSHEHR නමැති නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලබාදෙන ලෙසට එරට බලධාරීන් ඉල්ලීමක් කර තිබුණා.
ඒ අනුව ලක් රජයේ අවසරය මත එම නෞකාව කොළඹ වරායට ආසන්න මුහුදු සීමාවේ නංගූරම් ලා ඇති අතර ලක් රජය ගත් එම පියවර සම්බන්ධයෙන් බොහෝ පාර්ශවල ඇගයීමටද ලක් වුණා.
IRIS BUSHEHR නෞකාවේ සිටි පුද්ගලයන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුදාගනු ලැබූ අතර එම පිරිස ඉන් අනතුරුව වැලිසර නාවික හමුදා කදවුර වෙත රැගෙන ගියා.




