Published
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගත් අවස්ථාවේ උණුසුම් වාද විවාද ඇති වුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ද මෙහිදී අදහස් පළ කළා. අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ඊට ප්‍රතිචාර දැක්වූවා. පසුව නැගී සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මෙහිදී අදහස් පළ කළා. අමාත්‍ය බිමල් රත්නායක මහතා ද විවාදයට එක් වුණා. මේ අතර මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළා. ඊට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රතිචාර දැක්වූ අතර මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද ඊට මැදිහත් වුණා.