ගල්ගමුව, සියඹලන්ගමුව ප්රදේශයේදී මියගිය 'කාවන්තිස්ස' ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනක් සකස් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.
හිටපු අමාත්යාංශ ලේකම් ඒ.එච්. සරත් විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට සාමාජිකයින් 6 දෙනෙකු ඇතුළත්.
කාවන්තිස්ස ඇතාගේ මරණයට හේතු වූ කරුණු, ප්රතිකාර කිරීමේදී යම් අතපසුවීමක් සිදුවී තිබේද යන්න සොයා බැලීම සහ වන අලි සුබසාධනය සඳහා නව ක්රමවේදයක් සකස් කිරීම මෙම කමිටුවට පැවරී ඇති ප්රධාන කාර්යයන් වනවා.
ඒ වෙනුවෙන් දේශීය මෙන්ම විදේශීය විශේෂඥයන්ගේද සහාය ලබා ගැනීමට මෙම කමිටුවට බලය පවරා තිබෙන බවයි ජනාධිපති මාධ්ය අංශය පැවසුවේ.
කමිටුවේ විමර්ශන වාර්තාව සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනට අදාළ යෝජනාවලිය දින 30ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිතව තිබෙනවා.




